හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජානයේ තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ වාර්තාව අද (31) ජනාධිපති ලේකම් සමන් ඒකනායකට බාර දී තිබේ.
තමන්ට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න යැයි නිමල් සිරිපාල ද සිල්වා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කළේය.
එහි සභාපතිනිය ලෙස හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන කටයුතු කළ අතර සාමාජිකයන් ලෙස විශ්‍රාමත් නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ එස්.එම්.ජී.කේ.පෙරේරා කටයුතු කළහ.