spot_img
spot_imgspot_img

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රහාරය හෙළා දකී

පුවත්

විදෙස්

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන් පිරිසකට අද (22) අලුයම ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද අමානුෂික පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

මෙහිදී අදාළ සිදුවීම් වාර්තා කළ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ටත්, සමාජ මාධ්‍යවේදීන්ටත් පහර දී ඇති බවත්, ඔවුන්ගේ කැමරා උපකරණවලටද හානි සිදු කර ඇති බවත් වාර්තා වේ. මාධ්‍යවේදීන්ට සිදු වී ඇති පහරදීම් හා හානි පිළිබඳ මෙතෙක් සම්පූර්ණ තොරතුරු ලැබී නැත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ අද අලුයම මෙවැනි සන්නද්ධ බලයක් යෙදවීමට අවශ්‍ය වාතාවරණයක් එම ස්ථානයේ කිසිසේත්ම නොපැවති බව බවයි. එමෙන්ම මෙය ලංකාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම තවදුරටත් උත්සන්න කරන අමනෝඥ ක්‍රියාවක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

මෙම ප්‍රහාරයෙන් පුරවැසියන් සතු සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතියද ඇතුළත් අදහස් පළ කිරීමේ අයිතිය, වධහිංසාවලට ලක් නොවීමේ අයිතිය, ජනමාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව සිය වෘත්තියෙහි නිරත වීමේ අයිතියද ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තරයේ අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනමාධ්‍ය හා නීති ප්‍රජාව සමඟ එක්ව ඊට එරෙහිව ගත හැකි සියලු නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් ම පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!