සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සන්නද්ධ හමුදාවක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකින බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
මේ වනවිට දැඩි බාධාකිරීම් මධ්‍යයේ නීතිඥයන් කිහිප දෙනකු ගැටුම සිදුවූ ස්ථානයට ප්‍රවේශ වී ඇති අතර ඔවුන් යද්දී ඔවුන්ට ද පහර දීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි සාලිය පීරිස් පවසයි. එවැනි පහරදීම් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන පවා තමන්ට ලැබී ඇති බව ද ඔහු සිය facebook ගිනුමේ සටහන් තබා ඇත.
එම සටහනේ මෙලෙස ද දැක්වෙයි.
ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇත.
නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වේ.
අවම වශයෙන් එක් නීතීඥයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත තොරතුරු ලැබී ඇත. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන මෙම ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.
නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටී. නව ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු දිනයේදී ම සිවිල් විරෝධතා මැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගැනීම අපේ රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී. මෙම ක්‍රියාවන්ට නියෝග දුන් අය ඇතුළුව සම්බන්ධ වූ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීම ගතයුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.