ජනාධිපති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතා කරුවන්ට අද (22) අලුයම ඇති වූ පහරදීමක් අතරතුර නීතිඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප සිටින ස්ථාන හෙළි කළ යුතු බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවරු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
ඔහු පවසන්නේ නීතිඥවරු රැසක් මේ සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බවයි. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද මෙහි දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද සාලිය පීරිස් සඳහන් කළේය.
තමන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ බවත් යුද හමුදාපතිවරයාට පණිවුඩයක් යවා මේ පිළිබදව දැනුවත් කළ බවත් ඔහු සාලිය පීරිස් සඳහන් කළේය.
බලහත්කාරය යොදා ක්‍රියාකිරීමෙන් රට අපකීර්තියට පත්වන බව ද ඔහු පවසයි.