spot_img
spot_imgspot_img

තෙල් බෙදීම කඩාකප්පල් කරන්න කියූ රක්ෂණ බොරුව. ඇත්ත මෙන්න

පුවත්

විදෙස්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් QR කේත ක්‍රමය රක්ෂණ සමාගම්වල කොන්දේසිවලට පටහැනියැයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන කතාව අසත්‍යයකි.

මේ කරුණු ඊයේ (19) මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ විසිනි. ඔහු පවසන්නේ ජංගම දුරකථනයක් ඉන්ධන පිරවුම්හළට ගෙන යාම සම්බන්ධයෙන් එකඟවිය නොහැකියැයි රක්ෂණ සමාගම් දැනුම් දී ඇති බවකි.

දැනටමත් සියලුම ඉන්ධනහල්වල ජංගම දුරකථන හා සෑම අතින්ම සමාන වූ මුදල් ගෙවීමේ උපකරණ භාවිතා කරන අතර එම උපකරණ ඉන්ධන පොම්ප මත පවා තබා තිබෙනු සෑම අවස්ථාවක දී ම නිරික්ෂණය කළ හැකිවෙයි. එයට විරුද්ධත්වයක් නොදැක්වූ රක්ෂණ සමාගම් ජංගම දුරකථන කේත ක්‍රමයට විරුද්ධ වූවා යැයි කියන ඉන්ධන පිරවුම්හල් සභාපතිවරයාගේ ප්‍රකාශය මෙම ඉන්ධන බෙදීමේ ක්‍රමය කඩාකප්පල් කිරීමට කරන ලද අසත්‍යයක් යැයි සැකයක් මතුවෙයි.

බැංකු කාඩ්පත් මගින් මුදල් අයකරගැනීමේ Wireless Pos Machine නමැති උපකරණයෙත් ජංගම දුරකථනයකත් කිසිදු භාවිතාවන තාක්ෂණය සහ නිෂ්පදාන ක්‍රමය අනුව එකිනෙකට කිසිදු වෙනසක් නැත.

ස්මාර්ට් ජංගම දුරකථන මෙන්ම එම උපකරණය ද ක්‍රියාත්මක වන්නේ ජංගම දුරකථනය හා සමාන ම SIM පතක් යොදාගනිමිනි. එයට ලැබෙන සංඥාව ද දුරකථන සංඥාවකි. එමෙන් ම එහි බැටරියක් ද ඇත. එම බැටරිය ද ස්මාර්ට් ජංගම දරකථනයක භාවිතා කරන ආකාරයේ ලිතියම් බැටරියකි. එම මුදල් ගෙවීමේ උපකරණය අතරින් ඇතැම් මාදිලිවල ද QR කේත භාාවිතා කිරීමේ හැකියාව පවා පවති.

මෙවැනි උපකරණයක් සෑම ඉන්ධන පිරවුම්හළකම භාවිතා කරන අතර ඒ උපකරණය පොම්පය මත, ඒ අසළ සහ වාහන අසළට පවා ගෙන යමින් මුදල් අයකරගන්නා ඉන්ධන හල් හිමියන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ QR කේතය යොදා ජංගම දුරකථන මගින් එය භාවිතා කිරීමට රක්ෂණ සමාගම් විරුද්ධ වන්නේ යැයි කීම සම්පූර්ණයෙන් ම ජනතාව නොමග යවමින් මෙම ඉන්ධන බෙදා හැරීමේ විධිමත් වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ වෑයමකි.

ඉන්ධන පිරවුම්හල් හිමියන් ගේ මේ විද්‍යාත්මක නොවන සහ කිසිදු පදනමක් නැති ප්‍රකාශය අනුව යමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත් QR කේත ක්‍රමය භාවිතය ගැන නැවත තීරණයක් ගැනීමට සූදානම්වන බව ද වාර්තා වෙයි.

ජංගම දුරකථණ කේත ක්‍රමය භාවිතාය නිසා රක්ෂණ සමාගම්වල ආවරණය ලැබීමේ ගැටලුවක් මතුවන්නේ නම් මේ වනවිටත් වසර ගණනාවක සිට ඒ ගැටලුව මතුව තිබිය යුතුය. ඒ මුදල් අයකිරීමේ යන්ත්‍රය හේතුවෙනි. නමුත් එවැන්නක් සිදුව නැත. එකම තාක්ෂණයක් භාවිතා කරන එකම ආකාරයෙන් පද්ධතියකින් සමන්විත උපකරණ දෙකකට රක්ෂණ සමාගම් දෙආකාරයකින් කටයුතු කරන්නේ නම් එය රක්ෂණ සමාගම්වල නොදැනුවත් කම විය යුතුය.

ලෝකයේ රටවල් රැසක ඉන්ධන ලබා ගැනීමේ දී සහ ඒ සඳහා ගෙවීම් කිරීමේ දී ජංගම දුරකථන යෙදුම් රැසක් භාවිතා කරයි. අසල්වැසි ඉන්දියාවේ පවා එවැනි ක්‍රම භාවිතා කරන අතර ගතානුගතික සහ යල් පැන ගිය අවිද්‍යාත්මක කරුණවල එල්බගෙන ඉන්න ඇතැම් ව්‍යාපාරිකයන් පවා තාක්ෂණික කරුණුවලට මේ ආකාරයෙන් විරෝධය දැක්වීම රටේ ප්‍රගමණයට බාධාවකි.

මේ සම්බන්ධයෙන් තාක්ෂණය දන්නා වෘත්තීයවේදීන් සහ අදාල රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර එවැනි දුර්මත දුරු කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වගකීමක් බවත්  rata.lk අපි අවධාරණය කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!