මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හළක ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ඊයේ (19) පොලිසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
එම ස්ථානයේ දින ගණනක් විශාල පිරිසක් පෝළිමේ රැඳී සිට ඇති අතර ඉන්ධන බවුසරයක් පැමිණීමත් සමඟ නිල ඇඳුම් ඇඳි පොලිස් නිලධාරීන් පිරිසක් පළමුව ඉන්ධන ලබාගැනීත් සමඟ කලබලකාරී තත්වයක් ඇති වී තිබේ.
ප්‍රකෝපකාරී වූ පිරිස ඉන්ධන පිරවුම්හළට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහි දී තත්වය පාලනය කරගැනීම සඳහා පොලිසිය අහසට වෙඩි තැබූ බව කියයි.
ගල් පහරකින් තුවාල ලැබූ පුද්ගලයකු මේ වනවිට රෝහල්ගත කර සිටින අතර වාහනවලට ද ගල් ප්‍රහාරවලින් අලාභහානි සිදුව ඇත.
සාමාන්‍ය වැසියන් පවසන්නේ පොලිසිය සිය වාහනවලට පමණක් නොව බුලිවලට පවා ඉන්ධන ලබාගත් බවයි.