වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන සැකකරුවකු සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් කැඳවීමට පියවර ගන්නා බව එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන කණ්ඩායම පවසයි.
එම සැකකරු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසනයක සංවිධායක වරයකු ලෙස ද කටයුතු කරන අතර ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
විමර්ශන කණ්ඩායම් පවසන්නේ ඔහු මේ වනවිට ඩුබායි රාජ්‍යයට පැන ගොස් ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීම සඳහා පිරිසක් ඒකරාශී කිරීම, සංවිධානය කිරීම සහ මෙහෙයවීම යන චෝදනා ඔහුට එල්ල වී ඇත.