මව විසින් සිය දියණිය ළිඳකට තල්ලුකර දමා තිබිය දී පාසල් සිසුන් දෙදෙනකු ළිඳට පැන දැරිය බේරාගෙන ඇතැයි කරන්දෙණිය පොලිසිය කියයි.
මෙලෙස දිවි ගලවාගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දැරියකි.
එම දැරියගේ මව අද (19) උදෑසන සිය දියණිය ළිඳට විසිකර දමා ඇය ද ළිඳට පැන සියදිවි නසා ගැනීමට සූදානම් වී ඇත. මේ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පාසල් සිසුන් දෙදෙනකු වන ලක්ෂාන් හා රොෂාන් කුමාර යන දෙදෙනා ළිඳට පැන එම කුඩා දැරිය බේරාගෙන ඇත.
පොලිසිය පවසන්නේ දියණිය ළිඳට දමා තමන් ද ළිඳට පැන සියදිවි නසාගැනීමට තැත් කළ මව අත්අඩංගුවට ගත් බවයි. ළිඳට දැමූ දැරිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
දැරිය බේරාගෙන මවගේ සියදිවි නසාගැනීම ද වැළැක්වූ සිසුන් දෙදෙනා කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ ඉගෙනුම ලබති.
ඔබගේ මෙම පුවත ඇසුරින් සකස් කළ පණිවුඩයක් මා විසින් දකුණු පලාත් අධ්‍යාපන නිලධාරීන්ගේගේ whatsapp සමූහය වෙත යොමු කළෙමි. පිලිබදව ක්ෂණික අවධානය යොමු කළ දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා, ඉතා ඉක්මනින් මෙම සිසුන් දෙදෙනා ඇගයීමටත්, වින්දිත දැරියට උපකාර කිරීමටත් කටයුතු කරන බව දන්වා ඇත. මනුෂ්‍යත්වය පිරිහුණ සමාජයක් තුළ, මෙම සිසුන් දෙදෙනා ලබා දුන් ආදර්ශය අගයන අතර, එම දරුවන් ඇගයීමට පියවර ගැනීමෙන්, දකුණු පලාත් අධ්‍යාපන ලේකම්තුමා දැක්වූ කාරුණි ගුණයත්, අගය කළ යුතුය. එසේම මෙවැනි පුවත් කඩිනමින් සමාජගත කිරීමෙන් ඔබගේ පුවත් වෙබ් අඩවිය ඉටු කරන සමාජ මෙහෙවර ද අගයමි.
පී.උඩුගම්පල
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම් )
කලාප අධ්‍යාපන කාර්‍යාලය,
ඇල්පිටිය.