පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්වීම සහ මහජන මතය වෙනස් කිරීම අරමුණු කරගනිමින් තර්ජනාත්මක ආකාරයෙන් සමාජ මාධ්‍ය පළකිරීම් කළ පුද්ගලයන් 12 දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයන් සම්බන්ධ තොරතුරු අදාල සමාජ මාධ්‍ය ජාලා පවත්වාගෙන යන සමාගම්වලින් ද මේ වනවිට ඉල්ලා ඇත.
පාර්ලිමේන්තුවේ පවත්වන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිතා කිරීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයකි. එවැනි වරප්‍රසාද කඩවන ආකාරයට ඔවුන්ගේ මතයට බලපෑම් කරමින් තැබූ සටහන් පිළිබඳ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එමෙන් ම එවැනි සටහන් 40ක් පමණ ඉවත් කරන්න යැයි අදාල සමාගම්වලට දැනුම් දී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.