වෛද්‍යවරයා දරුවා පරීක්ෂා නොකර බෙහෙත් නියම කිරීමෙන් නිසි ප්‍රතිකාර අහිමි වී 12 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, කහටපිටියේ, බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිස්ථර් මොහොමඩ් යූනුස් නමැති දරුවෙකි.
ඔහුගේ දෙමාපියන් පවසන්න් පසුගිය 13 වැනි දා උදෑසන උණ ගැනීම හේතුවෙන් ගම්පොළ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුගේ පුද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් බවයි. සවස රොගී තත්වය තවත් උත්සන්න වීම හේතුවෙන් සවස ගම්පොළ රජයේ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහි බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරයාට දරුවාගේ රෝගී තත්වය කීව ද ඔහු දරුවා පරීක්ෂා නොකරම ඖෂධ දුන් බව දෙමාපියන් විසින් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් වසා ඇත.
14 වැනි දා ද දරුවා අසාධ්‍ය තත්වයෙන් සිටි බැවින් එදින පේරාදෙණිය රෝහලට ගෙන ගොස් ඇත. පසුව එහි බාහිර අංශයේ වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ දරුවා ගම්පොළ රෝහලට ඇතුළත් කරන ලෙසයි. ඒ සඳහා වෛද්‍යවරයා විසින් දෙමාපියන්ට ලිපියක් ද ලබා දී තිබිණි. එම උපදෙස් අනුව 15 වැනි දා උදෑසන දරුවා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇත. එම රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකර ලබමින් සිටිය දී දරුවාගේ රෝගී තත්වය උථ්සන්න වීම හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකකයට යොමු කළ යුතුයැයි වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුව ද දැඩි සත්කාර ඒකකයේ ඇඳක් තිබී නැත. කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලැබුණු පසු 17 වැනි දා අලුයම 2.00ට පමණ එම රෝහලට ඇතුළත් කර ඇත. එදිනම අලුයම 3.15ට පමණ දරුවා මියගිය බව දෙමාපියෝ කියති.
දෙමාපියන් චෝදනා කරන්නේ ගම්පොළ රෝහලේ බාහිර රෝගී අංශයේ 14 වැනි දා සවස සිටි වෛද්‍යවරයා දරුවා පරීක්ෂා නොකර ප්‍රතිකාර නියම කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවූ බවයි.