හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ පිරිසක් අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහට සහය දීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෛත්රීපාල සිරිසේන මීට පෙර ප්රකාශ කළේ තම පක්ෂය කිසිම අපේක්ෂකයකුට සහය ලබා නොදෙන බවයි. මේ වනවිට දේශපාලන ආරංචිමාර්ග අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු මත කිහිපයක් දරන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව පවත්වන රහස් ඡන්දයේ දී වැඩි පිරිසක් වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහට සහය ලබාදීමටත්, කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමටත් සාකච්ඡා කරමින් සිටින අතර මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කිසිවෙකුට සහය නොදෙනු ඇතැයි වාර්තා වේ.