මුලතිව් ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයක් වන කුරුදුමලේ නමැති ස්ථානයේ අලුතෙන් සිදුකර ඇති ඉදිකිරීම් ඉවත්කරන ලෙස අද (14) මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා නියෝග කළේය.
පුරාවිද්‍යා ස්මාරකයක් වන කුරුදුමලේ (කුරුන්දි විහාරය) පුරාවිද්‍යා භූමියේ මේ වනවිට නව දාගැබක් සහ තවත් ඉදිකිරීම් කිහිපයක් සිදුවන අතර ඊට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නියෝගය ලබා දී ඇත.
එම ස්ථානයේ ඇති අයියනාර් කෝවිලේ පූජා සඳහා හින්දු කෝවිලේ වන්දනාමාන සඳහා හින්දු ආගමිකයන්ට සහභාගීවීමට අවස්ථාව සළසන ලෙසත්, සාමයට බාධා නොකරන ලෙසත් පොලිසියට නියෝග කර ඇත.