පුරවැසි අරගලයේ පළමු හා මුඛ්‍ය අරමුණ වූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත්කිරීමට ඉතා ආසන්න අවස්ථාවකට අරගලය පැමිණ ඇති බැවින් ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු නොකර නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස අරගලයේ සිටින Black Cap Movements ඉල්ලා සිටියි.
මාර්තු 01 වැනි දා කොහුවලින් ආරම්භ වූ නිහඬ විරෝධයේ සිට එම සංවිධානය අරගලය සමඟ සිටි බවත්, අරගලය යනු රටේ නීතිය නොවන බවත් සංක්‍රාන්ති කාලය හැකි ඉක්මණින් අවසන් කර රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා දේශපාලන සමාජය සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.
මේ බව සඳහන් කරමින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් සඳහන් කර ඇත.

