ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනි දා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසු නව දේශපාලන බල තුලනය නීත්‍යානුකූළල ක්‍රමවේදයට ගැටලුවක් නොවන පරිදි සිදුවිය යුතුයැයි නීතිඥ සංගමය පවසයි.
ඔවුන් මේ බව කියා සිටියේ අද (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහි දී නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු කතානායකවරයා ජනාධිපතිධූරයේ වැඩබැලිිය යුතු වයි.
ඉන් පසු මාසයක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්වී සුදුසුකම් ඇති මන්ත්‍රීවරු අතරින් අයකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනාධිපතිවරයකු තෝරාපත්කරගත යුතු ය. මේ සඳහා මන්ත්‍රීවරු එක් අයකුට වඩා වැඩි ගණනකගේ නම් යෝජනා වන්නේ නම් ඒ සඳහා ඡන්දයක් පැවැත්විය යුතුය.
මෙවැනි අවස්ථාවක් 1993 මැයි මස 01 වැනි දා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීමෙන් පසු උදාවිය. ජනාධිපතිවරයා ඝාතනය වීමෙන් පසු එවකට අගමැතිවරයා ලෙස සිටි ඩී.බී.විජේතුංග වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඉන් පසු පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයකු තෝරාපත්කර ගන්නා අවස්ථාවේ දී ඒ සඳහා ඉදිරිපත් වූයේ ඩි.බී.විජේතුංගගේ නම පමණක් බැවින් ඔහු නිතරඟයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්විය.
ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීමේ දී එක් අයකුට වඩා නම් යෝජනා වන්නේ නම් එහි දී 1, 2, 3 වශයෙන් මනාප ලබාදීම සිදුවෙයි. එහි දී සාමාන්‍ය ජනාධිපතිවරණයක දී වගේ ම එක් අපේක්ෂකයකුට වලංගුව ඇති ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වඩා තිබෙනවානම් එයා ජනාධිපති වෙනවා. නැතිනම් තෝරාගන්නා අපේක්ෂකයාට 50%කට වඩා වැඩියෙන් ඡන්ද හිමිවිය යුතු අතර එසේ නොවුණහොත් පහළින්ම ඉන්න අපේක්ෂකයන්ව අයින් කරලා උඩින්ම ඉන්න දෙන්නාගේ දෙවැනි මනාප එකතු කරනවා. ඒ පළමු මනාපය හා දෙවැනි මනාපය එකතු වූ විට 50% ට වඩා වැඩියෙන් ගත් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම සිදුවෙයි.
නීතිඥ සංගමය පවසන්නේ ඉදිරියේ දී කවර මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස පත්වුව ද ජාතික ආණ්ඩුවක් පත්කිරීම අත්‍යාවශ්‍ය බවයි.