දැවැන්ත මහජන විරෝධතාවය හමුවේ තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධයට හේතුවක් වූ ගෑස් හිඟය හෙට අවසන්වන බවට ඉඟි ලබා දෙමින් නැවත නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (11) උදෑසන ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මේ නිවේදනය නිකුත්කර ඇත.
එහි දැක්වෙන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වී ඇති බවයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් සහිත දෙවැනි නෞකාව හෙට (11) සවස පැමිණෙන බව ද මෙම නිවේදනයේ සඳහන් කර ඇත.
ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් රැගත් නැවක් 15 වැනි දා මෙරටට ළඟා වන බව ද එම නිවේදනයේ දක්වා තිබේ. මේ වනවිට ඇණවුම් කර ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,000ක් බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.
ජූලි මස 12 වනි දා සිට ගෑස් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුවන බවත්, එබැවින් උද්ඝෝෂණයේ යෙදීමෙන් රට අස්ථාවර නොකරන ලෙසත් පසුගිය 08 වැනි දා ද මේ ආකාරයෙන් ම ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබිණි. එසේ වුව ද ඊයේ පැවැති උද්ඝෝෂණයෙන් පසු ජනාධිපතිවරයා තමන් 13 වැනි දා ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
දැන් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ 12 වැනි දා සිට ගෑස් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුවන බැවින් ගෑස් නොමැතිවීමේ ගැටලුව මඟ හැරෙන බවයි.

ගෑස් නැවත් අරගෙන යන්න. අපේ මිනිස්සු දුක් විඳිනකොට ඒකට කකුලෙන් ඇද්දා තවතවත් දුකම දුන්නා. අපේ මිනිස්සුන්ට වැටිච්ච වලෙන් ගොඩ එන්න දෙන්න (වට්ටපු වලෙන්). අපිට ගොඩ එන්න පුලුවං ජාතියක්. ඒක අපිට කරගන්න දීලා චුතවෙන්න.