දේපළ හානි කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමෙන් සාමකාමී විරෝධතාවල අරමුණු පරාජයට පත්විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිවස ගිනි තැබීම තරයේ හෙළා දකින බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එහි සභාපති සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි දෙදෙනාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ගිනි තැබීම්, සහ දේපළවට හානි කිරිමෙන් රටට කිව නොහැකි හානියක් වන අතර එය ආර්ථියට සහ මේ රටේ ජනතාවට බරපතල ලෙස බලපානු ඇති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තැබීම ඇතුළු එවැනි සියලු ක්‍රියා නීතිඥ සංගමය හෙළා දකින බව ද එම නිවේදනයේ සඳහන් වේ.