ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ පුරවැසිභාවයෙන් ඉවත්ව මෙරට දේශපාලනයේ පූර්ණකාලීනව නිරත වී නැවත පක්ෂය දිනවීමට කටයුතු කරන බව පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරිකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දී ය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ජනමතය ශ්‍රී ලංකාව තුළ නැවත ගොඩනැගීමටත්, හැකි ඉක්මණින් ආණ්ඩුවේ බලය අල්ලාගැනීමටත් කටයුතු කරන බව ඔහු සිය හිතවතුන්ට පවසා තිබේ.
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමිකරන බැවින් ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිබව හිමි තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වුව ද ඉදිරියේ දී ද්විත්ව පුරවැසිබව අහෝසි කරගෙන ශ්‍රී ලංකාවේ පූර්ණකාලීන දේශපාලනයේ නිරතවන බවත් හෙතෙම පවසා තිබේ.