spot_img
spot_imgspot_img

ජැක්සන් ඇන්තනි සැත්කමකට කොළඹ එවයි. සොහොයුරා දැඩි සත්කාරයේ

පුවත්

විදෙස්

රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී ඔහුට සැත්කමක් කිරීමට නියමිත බව ද වෛද්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ (02) රාත්‍රී 10.00ට පපමණ ජැක්සන් ඇන්තනි, ඔහුගේ සහෝදරයා ඇතුළු තිදෙනකු ගමන් කැබ් රථය අනුරාධපුර තලාව මාර්ගයේ මොරගොඩ යාය ප්‍රදේශයේ දී අලියකුගේ සිරුරේ ගැටී තිබිණි. කැබ් රථයේ ගැටුණු අලියා ඒ රථය මතට පෙරැළීම හෙතුවෙන් රථයට දැඩි අලාභහානි සිදුව තිබිණ.

ජැක්සන් ඇන්තනි “සිංහබාහු” නමැති චිත්‍රපටයක සිංහබාහුගේ චරිතයට සිය රංගන දායකත්වය සපයන අතර එහි රූගත කිරිම්වලට සහභාාගී වී නිවසට පැමිණෙමින් සිටිය දී මේ අනතුරට ලක්ව ඇත.

ජැක්සන් ඇන්තනි අසාධ්‍ය තත්වයෙන් පසුවන බැවින් ශල්‍ය කර්මයක් සඳහා කොළඹට මාරුකර එවා ඇති අතර ඔහුගේ සහෝදර සමන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔවුන් සමඟ ගමන්ගත් ඉරේෂ් ලක්මාල් මේ වනවි අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!