නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබිය දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වෙමින් තිබූ විවාහ උත්සවයක් නතර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
දේශපාලනඥයකුගේ පුතකුගේ විවාහ උත්සවයක් මෙලෙස පැවැත්වෙමින් තිබිණි. ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කරමින් රජය පසුගිය බදාදා ප්‍රකාශ කළේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන් හි කිසිදු විවාහ උත්සවයක් හෝ සාද පැවැත්වීම තහනම් බවයි. එවැනි තහනමක් පනවා තිබිය දී මෙම විවාහ උත්සවය පැවැත්විණි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ මෙම මංගල උත්සවයට 35 දෙනකුගෙන් යුතු පිරිසක් සහභාගී වී ඇති බවයි. ඇඳිරිනීතිය තිබියදී මෙවැනි විවාහ උත්සවයක් පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ද අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.