නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කරගැනීම කොළඹ දී සිදුවූ අතර පසුගිය වර්ෂයේ එහි සිටි නිලධාරීන් ම මෙවර ද නැවත පත්වීම විශේෂත්වයකි.
එය ඊයේ (28) කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණනි.
ඒ අනුව මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කැඳවුම්කරු ලෙසත්, මාධ්‍යවේදිනී හනා ඊබ්‍රහීම් නව ලේකම්වරිය ලෙසත්, මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර නව භාණ්ඩාගාරික ලෙසත් නැවතත් තේරී පත් විය. උප ලේකම් ලෙස ප්‍රියදර්ශනී සිවරාජා පත්වූවාය.
මීට අමරව විධායක කමිටුව සඳහා මාධ්‍යවේදීන් වන සීතා රංජනී, සුනිල් ජයසේකර තාහා මුසම්මිල්, උදය කළුපතිරණ, සමන් සී. ලියනගේ, ජාවිඩ් මුනවර්නිරන්, ජනී රෝලන්ඩ්, දිලීෂා අබේසුන්දර සම්පත් සමරකෝන් පත්වූහ. භාරකාර මණ්ඩලය ලෙස නීතිඥ එස්.ජී. පුංචිහේවා හා මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර තෝරා පත්කරගනු ලැබීය.
මාධ්‍යවේදීන්ගේ නිදහස, ජනමාධ්‍ය සුරක්ෂිතතාව සහ ගුණාත්මක මාධ්‍ය කලාවක් වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිරන්තරව පෙනී සිටින සංවිධානයකි.