වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද (29) ඇති වූ සිද්ධියත් සමඟ පාලගිය 500කට වැඩි පිරිසක් අතරන් 258ක පිරිසක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙබ්.
මෙහි රඳවා සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන්ය.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසන්නේ ඊයේ රාත්‍රියේ ඇතු වූ ගැටුමකින් පසු රැඳවියකු මිය යාමත් සමඟ කලහකාරී ලෙලස හැසිරුණු රැඳවියන් අද අලුයම පලාගොස් ඇති බවයි.
රැඳවියා මිය යාම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව පලාගිය පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
අද (29) දහවල් පලාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ පෙරියාරු පාලම අසළ දී උණුසුම් තත්වයක් හටගෙන තිබිණි. පුනරුත්ථාපන කඳවුරෙන් පලාගිය පිරිස් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බව ද පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් රැඳවියන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් පවසයි. මියගිය රැඳවියාගේ දේහය රැගෙන අනෙකුත් රැඳවියන් අද සවස විරෝධතාවක් ද පවත්වා තිබේ.