පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය අවලංගු කිරීම හේතුවෙන් සේවය සඳහා කාර්යාලවලට පැමිණෙන ජනතාව අද (29) උදෑසන දැඩි අසීරුතාවකට ලක්ව සිටියහ.
කොළඹ කොටුවේ සිට මඩකලපුව, කන්කසන්තුරේ ආදී ප්‍රදේශ රැසකට ධාවනය වීමට නියමිත දුම්රිය අද අවලංගු කර තිබිණි. මේ දුම්රිය සඳහා කලින් මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර වෙන්කර ගත් මගී ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව සිටියහ.
ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් ධාවනය සීමා වීම සහ බස් ගාස්තු වැඩිවීම හේතුවෙන් දුම්රිය සේවය භාවිතාකරන මගීන් සංඛ්‍යාව කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේන ඊයේ රාත්‍රී 9.45ට පොල්ගහවෙල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ද හදිසියේ ම අවලංගු කෙරිණි.
දුම්රිය සේවකයන්ට සිය සේවා ස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙවන් තවත් දුම්රිය හදිසියේ ම අවලංගු විය හැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි.
ඊයේ සහ අද දුම්රිය කිහිපයක් අවලංග කිරීමට සිදුවූ බවත් ඉදිරියේ දී තත්වය තවත් බරපතල විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.