spot_img

තැපෑල දින තුනකට සීමා වේ

පුවත්

විදෙස්

ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් තැපැල් කාර්යාල විවෘතව තබන දින සීමා කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න පවසන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින තුනෙහි පමණක් තැපැ් කාර්යාල, උප තැපැල් කාර්යාල විවෘත කරන බවයි.

අර්බුදය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පමණක් අඛණ්ඩව පවත්වාගෙන යන බවට රජය තීරණය කර ඇති අතර තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම්කර නැත.

එසේ වුව ද වැඩිහිටි දීමනා, මහජන ආධාර ආදිය ලබාදීමටත්, දේශීය හා ජාත්‍යන්තර තැපැල් මගින් භාණ්ඩ සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් හේතුවෙන් දින තුනක් කාර්යාල විවෘතකරන බව ද තැපැල්පතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles