ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළ විවෘත කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ.
සිපෙට්කෝ සහ ලංකා අයිඕසී සමාගමට අමතරව ලොව ඉන්ධන නිෂ්පාදනය කරන වෙනත් රටවටල සමාගම් වෙත ද ඉන්ධන මෙරටට ගෙන්වීමේ සහ බෙදාහැරීමේ අවස්ථාව ලබාදීමට අවධානය යොමු වී තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන පිරවුම්හල් 1190 අතරින් තවත් ඉන්ධන හල් 300ක් සහ 200ක් වෙනත් සමාගම්වලට ලබා දීමට මේ වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස්කරන බව ද වාර්තා වේ.
එම සමාගම්වලට ඩොලර්වලින් ගෙවීම් නොකරන බවත් මාසය 06ක් හෝ වසරක් සඳහා කොන්ත්‍රාතුවක් අත්සන් කර ණය ක්‍රමයට ඉන්ධන ගෙන්වාගැනීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය නිමාවීම සඳහා මාස 2-3ක කාලයක් ගත වේ යැයි ද වාර්තා වේ.