සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය ඔස්සේ සිය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිකැඳවමින් ඔවුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීමේ සහ ඒ හරහා ඔවුන් බියගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවත් එය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමිකරීමක් බවත් සඳහන් කරමින් මාධ්‍ය නීති සංසදය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විදීමට සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට නෛතික හිමිකමක් ඇති බවයි.
එමෙන් ම මෙම මාධ්‍ය මගින් ක්‍රියාකාරී ලෙස ජනතා අදහස් සහ අවශ්‍යතා අවධානයට ලක්කරමින් කටයුතු කරන පාර්ශව ද මාධ්‍ය ක්‍රියාකාරිකයන් ලෙලස අන්තර්ජාතිකව පුළුල් පිළිගැනීමට ලක්ව ඇති බව ද මාධ්‍ය නීති සංසදය පෙනවා දෙයි.
විදේශීය සහ දේශීය නෛතික ව්‍යුහයන් හි පිළිගැනීමට ලක්වූ මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිය වෙත කැඳවීම, ඔවුන්ගේ කටයුතුවලට බලපෑම් එල්ල කිරීම, බිය ගැන්වීමේ ක්‍රියාවලියක නිරතවීම වරදක් යැයි ද එම සංසදය සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.
පසුගිය කාලයේ දී මංජුල බස්නායක, දර්ශන හඳුන්ගොඩ, මනෝරම වීරසිංහ, තිසර අනුරුද්ධ බණ්ඩාර වැනි සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නන් ගණනාවක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිසියේ විවිධ අශ වෙත කැඳවා තිබිණි. ඒ සෑම අවස්ථාවක දී ම අදාළ කැඳවීමට හේතුව සඳහන් කර නොතිබීම ද විශේෂත්වයකි.
මෙහි අලුත්ම සිදුවීම වන්නේ වෘත්තීය ජනමාධ්‍යවේදියකු ලෙස රාවය සහ අනිද්දා පුවත්පත්වල සේවය කළ, තරුණන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයකු මෙන් ම වසර දෙකක් සභාපතිවරයා ද වූ තරිඳු උඩුවරගෙදර මේ මස 28 වැනි දා උදෑසන 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට කැඳවා තිබීමයි.
උඩුවරගෙදරගේ නිවසට පිණිවිඩය දීමට ආ නිලධාරීන් ඔහු කැඳවා ඇත්තේ කවර කාරණයක් හේතුවෙන් දැයි අනාවරණය කර තිබුණෙ නැත. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ උඩුවරගෙදර විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශය කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකරන බවයි.
සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය කාර්යයන් කරගෙන යනු ලබන ක්‍රියාකාරිකයන් මේ ආකාරයට හේතු නොදක්වා පොලිසියට සහ අපරාධ විමර්ශන අංශවලට කැඳවීමෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසටත්, පොදුවේ ජනමාධ්‍ය නිදහසටත් බලපෑමක් ඇතිවන බවත් ඒ ගැන වහා අවධානනය යොමුකළ යුතු බවත් එම ලිපිය මගින් මාධ්‍ය නීති සංසදය පොලිස්පතිවරයාට දන්වා ඇත.
එම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, ජනමාධ්‍ය අමාත්‍යවරයාට, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද යොමුකර තිබේ.
(එම ලිපිය සම්පූර්ණයෙන් ම පහතින්)
![](https://si.rata.lk/wp-content/uploads/2022/06/Letter-to-IGP-from-Media-Law-Forum-24.06.2022.jpg)