කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව පැවසූ 21 වැනි සංශෝධනය ඊයේ (13) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද සම්මත කරගෙන නැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ දේශපාලන පක්ෂ නායකයන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් දැනුම්වත් කළ යුතු බවයි. එබැවින් ඊයේ කැබිනට් මණ්ඩලයේ දී එය සම්මත කර නොගත් බවත් ලබන බ්‍රහස්පතින්දා දිනයේ නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයන් දැනුම්වත් කරන බවත් හෙතෙම කීවේය.
ඉන් පසු ලබන සඳුදා (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා බව ද ඇමතිවරයා පවසයි.