spot_img
spot_imgspot_img

හාල් සඟවා ඇති තැන් ගැන හෙළිදරව්වක්

පුවත්

විදෙස්

මහා පරිමාන මෝල් හිමියන් අවුරුද්දකට ප්‍රමාණවත් වී තොග සඟවාගෙන කෘතිම සහල් හිගයක් ඇතිකරමින් අධික ලාභ ලබන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ (12) මාධ්‍ය සාකච්ඡාවක් පවතවමිනි.

එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටින්නේ ඔවුන් මේ ප්‍රකාශය කරන්නේ ඉතාමත් වගකීමකින් බවයි.

“මහා පරිමාන මෝල් හිමියන් මේ වනවිට වෙළෙඳ පොළ තුළ කෘතිමව සහල් හිගයක් නිර්මාණය කරමින් ඉන්නවා. රුපියල් 60-70 ගණන්වලට ගත්තු වී ටික සහල් බවට පත්කරලා වැඩි මිලට විකිණීම ඔවුන්ගේ අරමුණ වෙලා. මහා පරිමාන මෝල් හිමියන් සතුව මේ වනවිට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ගබඩා තුළ තියෙනවා. ඒ වී තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 50ක්. හරියටම මාස 12ක් අඛණ්ඩව සහල් නිෂ්පාදනය කර වෙළෙඳ පොළට සපයන්න ප්‍රමාණළුත් තරමක් තියෙනවා. රජය මේ ගැන දන්නවාා. පාරිභෝගික අධිකාරිය මේ ගැන දන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශ දන්නවා. නමුත් කිසිම පියවරක් ගන්නේ නෑ. දේශීය හාල්වලට විතරක් මිල පාලනයක් දාලා වැඩක් නෑ. විකුණන කොට කියාවි මේවා ආනයනික සහල් කියලා. ඇටයක් අල්ලලා කියන්න බෑ ආනයනික හාල් ද දේශීය හාල් ද කියලා. ආනයනික හාල් කියා හිතූ හිතූ ගණන්වලට විකුණන්න පුළුවන් වේවි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ආනයනික සහල් සඳහාත් උපරිම සිල්ලර මිලක් නියම කරන්න.” යැයි ඔහු වැඩිදුරටත් කීවේය.

වී අළෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පවසන්නේ රජය සතු වී මෙට්‍රික් ටොන් 43,000ක සංචිතයක් ඇති බවයි. ඒවා සහල් බවට පත්කර සහන මිල ගණන් යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

සතොස සහ සුපිරි වෙළෙඳ සැල් මගින් කරනු ලබන ඇණවුම් අනුව එම සහල් අද (13) සිට නිකුත් කරන බව ද රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 197.00ක්, සුදු හා රතු නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 199.00ක් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 205.00ක්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 215.00ක් ලෙස අළෙවි කිරීමට කටයුතු කරන බව ද නීල් ද අල්විස් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!