ගාල්ලේ හාඩ්වෙයාර් මුදලාලිගේ වැලි ජාවාරම

0
685

(මේ අද “දවසේ කතාව” තමන්ට සිදුවූ සත්‍ය සිදුවීම සටහන් කරන ලද්දේ ආනන්ද සමරවික්‍රම විසිනි. අදාල ආයතනයේ නම අප විසින් ඉවත්කර ඇත.)

ගාල්ල නගරය ආසන්නයේ හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.

“වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?”

“පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?”

“කොන්ක්‍රීට් එකකට.”

“එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්.”

“කොහොමද ගණන් ?”

“ලොරි ලෝඩ් එකක් නම් 9,800/= යි , කියුබ් එකක් නම් 13,000/= යි.”

“මට කියුබ් එකක් එවන්න.”

කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එකහමාරකින් විතර වැලි එක ආවා.

ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි. (කියුබ් එකක ඝන අඩි 100කි)

“ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ.”

“මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ.”

“ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න.”

“07777751–“

ගත්තා කෝල් එකක් මුදලාලිට.

“මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ.”

“ඔයා කොහොමද එහෙම කියන්නෙ ?”

“මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ.”

“ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න.”

“වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ.”

මුදලාලි කියනවා “මම පොලීසියට යනවා.”

“ඕන පොලීසියකට යන්න.” මම කිව්වා.

ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.

 “මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න.”

“බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ.”

මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?

(ඡායාරූපය වෙනත් එකකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here