spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකීය ලේඛිකාවක්, ත්‍රාසජනක කතාවෙන් ලෝකය ම දිනයි

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකීය ලේඛිකා අමන්දා ජයතිස්ස 2022 වර්ෂයේ “ලොව හොඳම පළමු ත්‍රසජනක නවකතාවට” හිමි ජාත්‍යන්තර සම්මානය දිනා ගත්තාය.

ඇය විසින් රචනා කරන ලද “My Sweet Girl” නම් කෘතිය මෙලෙස සම්මානයට පාත්‍රව ඇත.

ජත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර නිව්යෝර්ක් නගරයේ පැවැත්විණි.

“මේ වෙලාවේ මගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක් ගෙවමින් ඉන්නේ, ඔබ එවැනි රටකින් එන කෘතියක් තෝරා ගත්තා කියන එක හරියට මට ලෝකයක් ලැබුණා වගේ,” යැයි සම්මානය දිනාගත් අවස්ථාවේ ඇය ප්‍රකාශ කර සිටියා ය.

“My Sweet Girl” අමන්දා ලියූ පළමු ත්‍රාසජනක නවකතාව වන අතර “You’re Invited” නම් ඇයගේ දෙවැනි කෘතිය මෙම වසරේ අගෝස්තු මස දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

2021 දී ලොව ඕනෑම රටකින්, පළමු වරට, ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂිත නවකතා, කෙටි කතා හෝ ශ්‍රව්‍ය කෘති මෙවර ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන සඳහා නිර්දේශ ලබා තිබුණි. සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට කතුවරයා ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වීම හෝ ප්‍රකාශකයා එම සංගමයේ පිළිගත් ප්‍රකාශකයෙක් වීම අනිවාර්ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!