ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධ එක් චෝදනාවකට වරදකරු වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංගව බරපතළ වැඩ සහිතව වසර 02ක සිර දඬුවමක් සහ දඩයක් ද නියම කිරීමට කොළඹ මහාධිකරණන විනිසුරු මංජුල තිලකරත්න අද (06) කටයුතු කළේය.
නියමකර ඇති එම සිර දඬුවම වසර 05කට අත්හිටවූ අතර නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 25කි. එම මුදල නොගෙවන්නේ නම් අමතර මාස 09ක සිරදඬුවම් නියම කර ඇති අතර අගතියට පත් පාර්ශවයට රුපියල් මිලියනයක වන්දියක් ලබාදෙන ලෙසත් නියෝග කර තිබේ. එම වන්දිය නොගෙවන්නේ නම් අමතර මාස 03ක සිර දඬුවමක් නියම කරන බත් නඩු තීන්දුවේ සඳහන් කර ඇත.
ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටිය දී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය දීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත්කර දීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රසන්න රණතුංගගේ බිරිඳවන මොරින් රණතුංග සහ තවත් අයෙක් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.