spot_img
spot_imgspot_img

නීතියේ දෙවඟනට සිදු වූ දේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ බොහෝ විවේචන එල්ලවෙයි. අධිකරණනයේ ස්වාධීනත්වය පිළිබඳව සහ එහි මූලික අභිමතාර්ථයන් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පවතී.

මෙවන් වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව තුළ නීතියේ දෙවඟනට අත්ව ඇති ඉරණම “කන්‍යාවී” නමැති මේ ගීතයෙන් මනාව අර්ථ නිරූපනය කර ඇත.

මාධ්‍යවේදයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන කසුන් පුස්සවෙල මෙහි පද රචනා කර ඇත.

තනු නිර්මාණය මිහිඳු ආරියරත්නගෙනි.

සංගීත නිර්මාණය සහ පසු නිෂ්පාදනය යොහාන් රණසිංහ විසිනි.

මේ අපූරු ගීතය ‍පහතින් නැරඹීමට හැකියාව ඇත. නීතියේ දෙවඟනට සිදුවූ දේ ඉන් නිරූපනය කර තිබේ. පද මාලාව වීඩියෝ දර්ශනයට පහතින් සටහන් කර ඇත.

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..
නෑ නොමැරී… කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී…
නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී…

පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ…වීදි පුරා…
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..
මහපාරේ සෝපාකලා..
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි…
නෑ නොමැරී…
කන්‍යාවී…

කලු සපත්තු..බයිනෙත්තූ..
රතු පාටින් වෙඩි වරුසා..
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්..
ඈ හිනැහෙයි…
නෑ නොමැරී…
කන්‍යාවී…

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..
නෑ නොමැරී… දෙවඟන කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී…
නෑ නොමැරී..
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී…
කන්‍යාවී…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!