මේ වනවිට රටේ උග්‍ර ඩීසල් හිඟයක් හටගෙන ඇති අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසන්නේ දෛනිකව බෙදාහරින ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,500ක් දක්වා අඩු කර ඇති බැවින් මෙවැනි හිඟයක් හටගෙන ඇති බවයි.
වාර්තාවන ආකාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක පමණ සංචිතයක් පවතී. ලබන 09 වැනි දා හෝ 10 වැනි දා ඩීසල් නෞකාවක් ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබුණන ද එම ඩීසල් තොගය සඳහා සැපයුම්කරුවකු මෙතෙක් තහවුරු කර නොමැති බැවින් එම ඩීසල් නැව ලබාගැනීම ද ගැටලුවක් බවට පත්ව ඇත.
ඉන්දීය ණය පහසුකම් යටතේ ලැබෙන මීළඟ ඩීසල් තොගය ලැබීමට නියමිතව ඇත්තේ ලබන 16 වෙනි දා ය. එබැවින් එතෙක් දැනට පතින ඉන්ධන තොග කළමනාකරණය කරගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇත.