spot_img
spot_imgspot_img

බද්දේගම ළමා නිවාසයක දරුවන් 10ක් සමූහ අපයෝජනයට ලක්කරලා. රාජ්‍ය නිලධාරීන් සිද්ධිය සඟවයි

පුවත්

විදෙස්

බද්දේගම, හල්පාතොට ළමා නිවාසයක දරුවන් 10 දෙනකු සමූහ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු නොකර ඊට වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කිරීමට රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරන බවට  විශේෂඥ වෛද්‍ය තුෂාරා වික්‍රමනායක චෝදනා කරයි.

ළමයින් වෙනුවෙන් සමාජය තුළ ක්‍රියාකාරීව සිටින ඇය මේ චෝදනාව එල්ල කරන්නේ තම facebook  ගිනුම ඔස්සේ සජීවී විඩියෝවක් ඉදිරිපත් කරමිනි.

එම දරුවන්ගෙන් පරිවාස නිලධාරීන් 11 වතාවක් ප්‍රහ්න කර ළමයින් මානසිකව දැඩි පීඩනයකට ලක්කර ඇති බවත් දරුවන් රාත්‍රිියේ නින්දෙන් පවා බියට පත්ව කෑ ගසන බවත් වෛද්‍යවරිය චෝදනා කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි 27 වැනි දා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට ලිඛිතව පැමිණිලි කළ බවත් ඉන් පසු මේ දරුවන්ට සිදුකරන බලපෑම වැඩිවී ඇති බවත් වාර්තා වේ. මෙය දරුවන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් වන මට්ටමට මේ වනවිට වර්ධනය වෙී තිබේ.

29 වැනි දා එක් දරුවකුට  සිරුරේ හම ගැලවෙන තුරු උණබටයකින් පහර දී මේ සිද්ධියක් ද වාර්තා වී තිබේ. නමුත් එම පහරදීමට වගකිව යුතු තැන්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දකුණු පළාත් පරිවාස කොමසාරිස් රසිකා දිසානායකගේ අධීක්ෂණයෙන් එම පහරදීමේ සැකකරු එම ළමා නිවාසයට ම යොමු කිරීම බරපතල ගැටලුක් බව ද ඇය පෙන්වාදෙයි.

වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පවසන්නේ රාජ්‍ය නිලධාරීන් එක්වී මෙම සිද්ධිය යට ගසා නීතියෛන් ගැලවීමට දැඩි උත්සාහයක් දරණ බවයි.

මේ අතර පසුගිය ජුනි 01 වැනි දා මෙම ළමා නිවාසයට අතිරේක උපස්ථායක කෙනෙක් පත්කර ඇති අතර ඔහු ද කඤ්චදේව ළමා නිවාසයේ පහරදීමේ සිද්ධියක චූදිතයෙකි.

වින්දිත ළමයින් 10 දෙනාගෙන් ළමයින් දෙදෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ක්ව ඇතැයි චෝදනා එල් වී ඇති අතර 04 දෙනෙක් මානසික ප්‍රතිකාර සඳහා පවා යොමුකරන්නට සිදුව තිබේ. ‍මෙම දරුවන් පරිවාසය බාරදෙන අවස්ථාවේ දෙමාපියන්ගේ ගැටලු තිබූ බැවන් ඔවුන් අතරින් එක් දරුවකුගේ මව පමණක් එම දරුවා ගැන නිතර නිතර සොයා බැලීම් කරයි. නමුත් පියා කිසිම අවස්ථාවක දී තම දරුවා ගැන සොයා බලා තිබුණේ නැත.

එම දරුවාගේ මව මෙම ගැටලු සම්බන්ධයෙන් ‍විශේෂඥ වෛද්‍ය තුෂාරා වික්‍රමනායක සමඟ සාකච්ඡා කර තිබේ. 

විශේෂඥ වෛද්‍ය වික්‍රමනායක පවසන්නේ මේ දරුවන්ගේ  නීත්‍යානුකූළ බාරකරුවන්ට එම සමූහ අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් සිදුකර නැති බවයි. එමෙන් ම ඔවුන්ට දරුවන් හා කතා කිරීමට අවස්ථාව ලබා දී නැතැයි ද ඇය චෝදනා කරයි.

එමෙන් ම මේ දරුවන් බාල අපරාධකරුවන් ලෙස හංවඩු ගසා ඇති බව ද කිසිම දිනක තම දරුවා බැලීමට පැමිණ නොසිටි පියා මේ සිද්ධියෙන් පසු නිතර නිතර ළමා නිවාසයට ගෙන්වා ගැනීමට එහි බලධාරීන් කටයුතු කර ඇති බව ද වෛද්‍යවරිය පවසයි. ඇගේ අදහස වන්නේ මෙම සිද්ධිය යට ගැසීම සඳහා බලධාරීන් එකතු වී මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ පියා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවයි. මේ පිළිබඳ එම දරුවාගේ මවට ද දැඩි සකයක් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට ද මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පවසයි.

rata.lk වෙබ් අඩවිය ඕනෑම අයකුගේ පිළිතුරු දීමේ අයිතියට සුරක්ෂිත කරන වෙබ් අඩවියකි. එබැවින් මෙහි පළවන යම් තොරතුරක් සම්බන්ධයෙන් යම් පුද්ගලයකු, ආයතනයක්, සංවිධානයක් හෝ ජන සමූහයක් අගතිට පත්වන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් හෝ වෙනයම් ආකාරයක අදහසක් දරන්නේ නම් හෝ ඇත්නම් ඔවුන්ගේ අදහස් මෙම ලිපි හෝ විශේෂාංගවලට ලැබෙන ඉඩ හා සමාන ප්‍රමුඛතාවක් ලබාදෙමින් පළකිරීමට rata.lk වෙබ් අඩවිය බැඳී සිටියි. එබැවින් එවැනි යම් ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍යනම් නොපමාව ඒ බව [email protected] විද්‍යුත් ලිපිනයට එවන මෙන් ඉල්ලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!