spot_img
spot_imgspot_img

සතුන්වත්තේ සත්තු කැලේට යැවීමේ සූදානමක්

පුවත්

විදෙස්

ආහාර දීමට මුදල් නොමැතිවීම හේතුවෙන් සතුන්වත්තේ සතුන් අභයභූමි ප්‍රදේශවලට මුදාහැරීම කෙරෙහි අවධානය යොමුව ඇත.

ප්‍රදර්ශනය සඳහා එක් සත්ව විශේෂයකින් සතුන් 04 දෙනකු ප්‍රමාණවත් බවත් වැඩිපුර සිටින සතුන් මෙලෙස අභයභූමි‍ වෙත මුදාහරින බවත් සතුන්වත්තේ බලධාරීන් පවසයි.

දරුණු විලෝපිකයන් නොමැති ප්‍රදේශවලට ඔවුන් මුදාහැරීම කෙරෙහි අවධානය යොමුවී ඇත. මේ සතුන් අතර මුවන්, ගෝනුන්, මී මින්නන් වැනි සතුන් සිටින බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ සතුන් වත්තේ මිනිසුන්ට හුරු පුරුදු වූ මෙවැනි සතුන් අභයභූමි ප්‍රදේශවලට මුදාහැරීම බරපතල වරදක් බවයි. ඔවුන් පහසුවෙන් විලෝපිකයන්ට ගොදුරුවීමට ඉඩ ඇති අතර ම ගම් වැදීමට ඉඩ ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!