spot_img
spot_imgspot_img

අම්මලාට, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාල බෙහෙත් පොවලා

පුවත්

විදෙස්

ගැබිනි සහ ගැබිනිබව අපේක්ෂාකරන කාන්තාවන් සඳහා වෛද්‍යවරු විසින් නිර්දේශ folic acid tablets BP1mg ප්‍රමිතියෙන් බාල පෙති කෝටි  55,245 කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සඳහා ලබාදී ඇතැයි කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.

2013 – 2015 දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති එම පෙති තොගය ප්‍රමිතියෙන් තෙරවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබුණ ද ඉන් 98%ක් ම බෙදා දී ඇත.

එම පෙති ගෙන්වීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකර ඇති බව ද අනාවරණය වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් පවසන්නේ යම් ඖෂධකයක් ශ්‍රී ලංකාවට ලැබුණු වහාම එය භාවිතයට නුසුදුසු හෝ තත්වයෙන් බාල යැයි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවයි. එලෙස ඉක්මණින් ඖෂධව තත්වය හඳුනාගත හැකිනම් අලාභය සැපයුම්කරුවන්ගෙන් අයකරගත හැකි බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!