දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීරකැටිය බැදිගම පිවිසුමේ දී තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මි හරින්දික ද සිල්වා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
රවිඳු වෙදආරච්චි හිටපු අමාත්‍යවරයකු වන දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයෙකි.
කැබ්රථයක පිටුපස ශීතකරණයක් පටවාගෙන අනාරක්ෂිත ලෙස අධිවේගී මාර්ගයේ යාමට පැමිණි අවස්ථාවේ දී බැදිගම පිවිසුමේ සිටි පොලිස් නිලධාරියකු විසින් ඊයේ (01) එය වළක්වා ඇත. එම අවස්ථාවේ දී ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන හිටපු සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ අසභ්‍ය වචනයෙන් නිලධාරීන්ට බැන වදිමින් රාජකාරියට බාධා කළ බවත්, සාපරාධී බලහත්කාර පෑ බවත් පොලිසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට බැන වදින ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින් දක්වා ඇත. අසභ්‍ය වචන ඇති බැවින් කුඩා දරුවන්ට ඇසෙන සේ නැරඹීමෙන් වළකින්න.