spot_img
spot_imgspot_img

බද්දේගම සභාපතිගේ නිවසට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් ඇපමත මුදාහරී

පුවත්

විදෙස්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩගේ නිවසට පහර දී අලාභහානි කළා යැයි පොලිසිය විසින් සැකකරන ලද පුද්ගයන් 007 දෙනකු ඇප මත මුදාහැරීමට බද්දේගම අතිරේක මහේස්ත්‍රාත් නයනකීරති අබේධීර නියෝග කළේය.

ඔවුන් මුදාහරින ලද්දේ එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියමකරමිනි.

සභාපති අනුර නාරංගොඩට අයත් වදුරඹ නගරයේ පිහිටි නිවසට පහරදුන් බවට සැකකරන්නේ යැයි සභාපතිවරයා විසින් ඔවුන්ගේ නම් පොලිසියට ලබා දී තිබූ බව ද අද අධිකරණයේ දී අනාවරණය විය.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවට වාර්තා වූ බැවින් එම 07 දෙනා නීතිඥ තුසිත ජාගොඩ මගින් මෝසමක් ඉදිරිපත් කර අද අධිකරණයට භාර විය. ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම පිරිස සභාපතිවරයාගේ නිවසට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් වෙනත් සාක්ෂි ඇත්දැයි පොලිසියෙන් විමසූ අවස්ථාවේ දී පොලිසිය සතුව එවැනි සාක්ෂියක් තිබුණෙන් නැත.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ජාගොඩ එම අවස්ථාවේ දී කියා සිටියේ සභාපතිවරයා ලබාදුන් නාම ලේඛනය ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් බවයි. ඔවුන් නිවසට අලාභහානි සිදුකිරීමට ගොස් නැතැයි ද නීතිඥවරයා කීවේය.

එදිරිපපත් වූ කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදුන් අතර එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ජාගොඩ විමසා සිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සහ කොළඹ ගෝඨාගෝගම අරගලයට පහරදුන් බවට ඡායාරූප පවා මාධ්‍යයේ පළ වූ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවසට අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මේ පිරිස ගැන සැකයක් තිබේ ද යන්නයි.

එවැනි සැකයක් නැති බව ද පොලිසිය අධිකරණය හමුවේ අද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!