ක්‍රීඩාව නංවන්න නාමල් පොළොන්නරුවට යයි

0
107

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද (28) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන්, ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාව සඳහා යොමුකිරීම මෙහි අරමුණ විය.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මෙය සංවිධානය කර තිබූ අතර එහි දී ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීම, බර ඉසිලීමේ ජාතික සංචිතයක් පොළොන්නරුවේ ස්ථාපිත කිරීම, ක්‍රීඩා පුහුණු කඳවුරක් ක්‍රියාත්මක කර ක්‍රීඩා කුසලතා වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම යන කරුණු පිළිබඳ එහි දී සාකච්ඡා කෙරිණි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති මේ රැස්වීම සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ ද එක්ව සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ දිස්ත්‍රික්කයේ සියළුම ක්‍රීඩා නිලධාරී නිලධාරිනියන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here