spot_img

මුදල් ඇමතිධූරය, අගමැති රනිල්ට

පුවත්

විදෙස්

අගමැති රනිල් වික්‍රමසිංහ අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මුදල්, ආර්ථික ස්ථායීතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

කොළඹ ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුකෙරිණි.

මුදල් අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරමින් සිටි අලි සබ්‍රි එම ධූරය බාර ගැනීමට තමන් අකමැති බව ප්‍රකාශ කිරීමෙන් පසු ආචාර්ය හර්ෂ ද සිල්වාට ‍එම ධූරය බාර ගැනීමට ආරාධනා කර තිබිණි. නමුත් ඔහු ද විවිධ කොන්දේසි ඉදිරිපත් කළේය.

ලෝක බැංකුව ද ඊයේ රජයට දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් නොමැතිනම් ආධාර ලබා ගැනීම් අසාර්ථක වනු ඇති බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මීට පෙර අවස්ථා 05ක දී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ද ඒ කිසිම අවස්ථාවක දී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles