spot_img
spot_imgspot_img

21 වැනි සංශෝධන කෙටුම්පත ගැන නීතිඥ සංගමය කණස්සල්ල ප්‍රකාශ කරයි

පුවත්

විදෙස්

කැබිනට් මණ්ඩල රැස්වීමට අද (23) ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තම කනස්සල්ල පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් එම සංගමය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ලිඛිතව දැනුම් දී ඇත.

අමාත්‍යාංශ දැරීමට, විෂයයන් පැවරීමට, තමන්ට අවශ්‍ය අය ලේකම්වරු ලෙස පත්කිරීමට, පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමටම, ඕනෑම අයකුට සමාව ලබාදීමට ජනාධිපතිවරයාට ඇති බලය මෙම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් නොකිරීම ගැටලුවක් බව නීතිඥ සංගමය පවසයි.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළවිට එය සම්මතවීමට පෙර විවාදයට ගෙන ඒ සඳහා නව සංශෝධන ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාව තිබේ. ඉදිරිපත් කරනු ලබන කෙටුම්පතම සම්මත වීම අවශ්‍ය වන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!