ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට අවසර ලබාදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් ගණනාවකින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
ඉන්ධන ලබාගැනීමට පැමිණෙන ජනතාව කලහකාරී ලෙස හැසිරීම, ඉන්ධන බෙදා හැරීමේ වේලාවන් ඉක්මවමින් බෙදා හැරීම් කළ ද ඔවුන් අවසානයේ පහරදීම් සඳහා තැත්කිරීම වැනි හේතූන් නිසා හිමිකරුවන්ගේත්, සේවකයන්ගේත් ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇතැයි ද ඉන්ධන හල් හිමියෝ කියති.
මේ නිසා අවශ්‍යතරම් ඉන්ධන තොග ලැබෙනතුරු ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කිරීමට අවසර දෙනලෙස ඔවුන් ඉල්ලයි.
ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ උපසභාපපති කුසුම් සඳනායක මෙසේ කීවේය.
“හැම ඉන්ධන පිරවුම්හළක ම නියමිත කාලය ඉක්මවා තෙල් බෙදාදීම කරනවා. එලෙස තෙල් බෙදාදීමෙන් පසුවත් පොලිසියටවත් හමුදාවටවත් අවනත නොවී පෝළිමේ ඉන්න අය බලහත්කාරයෙන් තෙල් ලබාගන්න උත්සාහ ගන්නවා. මෙය ඉතාමත් භයානක තත්වයක්. අපිප ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ නිවස අසළම පිරවුම්හළ තමන්ගේ පිරවුම්හළ ලෙස සිතා කටයුතු කරන හැටියට. ඒක රැකගැනීමත් ඔවුන්ගේ යුතුකමක්. නැතිනම් අපිට තෙල් බෙදීම නවත්වන්න වෙනවා.”