පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අයකු සන්තකයේ තිබී ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ නිල පිස්තෝලය හමුවූ බව පොලිසිය කියයි.
එම ද්විත්ව ඝාතනයට සැකපිට පුද්ගලයන් තිදෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් පස්යාල සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. වයස අවුරුදු 24, 40 සහ 44 වයස්වල පසුවන මෙම තිදෙනාගෙන් එක් අයකු සතුව එම පිස්තෝලය සහ මැගසින් කොටසක් තිබී ඇත.
එම සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයකු බවත් අනෙක් දෙදෙනා ආරක්ෂක අංශවල සිට පසුව ඉවත්වූ අය බවත් අනාවරණය වී තිබේ.
එම පිස්තෝලය මියගිය සැරයන් ගුණවර්ධන ට පොලිසිය විසින් නිකුත්කරන ලද ගිනි අවිය බව ද තහවුරු වී ඇත.