spot_img
spot_imgspot_img

‘ගෝඨාගෝ ගමට’ එල්ල වූ මැර ප්‍රහාරය ගැන රමේෂ් පතිරණගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

පුවත්

විදෙස්

ගාලු මුවදොර පිටියේ සිදුවූ ප්‍රහාරයටත් ඉන් පසු රට පුරාම සිදුවූ තත්වයටත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිව යුතු යැයි අද (18) පාර්ලිමේන්තුවේ දී හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ අනාවරණ්‍ය කළේය.

ඔහු පවසන්නේ පසුගිය 09 වැනි දා තමන් ගාල්ල ප්‍රදේශයේ කණ්ඩායමක් සමඟ අරලියගහ මන්දිරයට ගියේ හිටපු අගැමතිවරයා ධූරයෙන් ඉවත්වන අවස්ථාවේ දී සුබ පතා සමුදීමට බවයි. එහි පැමිණි සාතිශය බහුතරයකගේ අදහස ද එයම වුවත් එහි සිටි මුග්ධ දේශපාලනඥයන් කිහිප දෙනකු එහි පැමිණි ජනතාවට අනියම් බලපෑමක් කර ඉතාමත් සුළු පිරිසක් ගෝඨා ගෝ ගමට පරහදෙන්න ඕනෑයැයි කියන මානසිකත්වයට පෙළඹවූ බව ද රමේෂ් පතිරණ හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

“මේ කණ්ඩායම අරගලය පැවැති පැත්තට යනකොට මම DIG තෙන්නකොන්ට කතා කරලා කිව්වා මෙහෙම දෙයක් වෙන්න යනවා වහාම නවත්වන්න කියලා. ඔහු කීවේ කිසිම ගැටලුවක් නෑ අපි මාර්ග බාධක දාලා තියෙන්නේ ‍ඒ අය නවත්වනවා කියලා. මම ජනාධිතිතුමා සමඟ තියෙන රැස්වීමකට ජනාධිපති මන්දිරයට ගියා. ඒ වෙලාවේ හිටපු මන්ත්‍රී ආශු මාරසිංහ මට කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා මේක ජනාධිපතිතුමාට කියලා නවත්වන්න යනුවෙන්.  අපි එතකොට හිටියේ ජනාධිපතිතුමා සමඟ. ජනාධිපතිතුමා DIG තෙන්නකෝන්ට දුරකථනයෙන් කතා කරලා කිව්වා මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා මොකක් ද මේ සිද්ධවෙන්නේ කියලා.”

ඒ වෙලාවේ DIG තෙන්නකෝන් කිව්වේ “සර් මට පොලිස්පතිතුමා කිව්වා 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේ අයට කඳුළු ගෑස් ගහන්න එපා, මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා.” යනවෙනුයි. එතුමා පැහැදිලිව කිව්වා පොලිස්පතිතුමාට කතා කළේ 12.40ට කියලා.  පැහැදිලිව ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිතිතුමාට කිව්වා මේක නවත්වන්න එපා යැයි පොලිස්පතිතුමා කී බව.

“තමුසෙට මම කිව්වේ. රටේ ජනාධිපති. වහාම නවත්වන්න කියලා.” ජනාධිපතිතුමා කිව්වා. ඒ වෙලාවේ තමයි මේ ප්‍රහාරය නවත්වන්න උත්සාහයක් ගන්නේ. ඒ අවස්ථාවේ තමයි මේ තරමින් හරි එතැන බේරුණේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා කී කතාවව ඇත්ත.

මේ මුග්ධ පිරිස නවත්වන්න එපා කියලා නියෝග කරලා තියෙන්නේ පොලිස්පතිතුමාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමාත්. ඒක තමයි ඇත්ත කතාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!