spot_img
spot_imgspot_img

“අයියලා, මල්ලිලාගේ ප්‍රශ්න. ඒ නිසා ෂේප් එකේ ඉන්න” කියමින් 09 වැනි දා පොලිසිය අකර්මන්‍ය කළේ කවුද ?

පුවත්

විදෙස්

ගෝඨාගෝ ගම විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ පිරිසට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යාංශ ලේකම් යැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී කී‍වේය.

“ඕවා අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ෂේප් එකේ ඉන්නැයි” අමාත්‍යාංශ ලේකම්වරයා බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිට පවසා තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව  බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝගය අනුව ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ගහන්න සූදානම් වුණා යැයි ඔහු මානව හිමිකම් කොමිසමට කටඋත්තර දී තිබෙනවා.

පොලිස් පති අහනවා දැන් මොකද කරන්නේ කියලා. “මම එන්න දෙන්නෙ නෑ .මට ජනාධිපතිවරයාගෙන් ඕඩරයක් ලැබුණා” යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

පොලිස්පතිවරයා කියනවා ඔයා අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්න කියලා.

දේශබන්දු තෙන්නකෝන් අමාත්‍යාංශ ලේකම්ට කතා කළාම ඔහු කියනවා “ඕවා කරන්න එපා. ඔය අයියලා මල්ලිලාගේ ප්‍රශ්න. ඔය එන්නේ අගමැතිතුමාගේ ගෝලයෝ. ඔය මිනිස්සුන්ට ගහලා අන්තිමේදී ඒ දෙන්න ෂේප් වේවි. ඔයාට ට අමාරුවේ වැටෙන්නේ වේවි. ඒ නිසා ඔයා ෂේප් එකේ ඉන්න.” යැයි අමාත්‍යාංශ ලේකම් කීවා කියලා ඔහු තම ප්‍රකාශයේ සටහන් කර තිබෙනවා.

හැම පොලිසියකටම නියෝග දී තිබුණේ ෂේප් එකේ ඉන්න කියලයි. යුද හමුදාව සක්‍රීය වුණේ නැත්තේ ඇයි? අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාපු මොට්ටයෝ, ගොන් තඩියො කළෙත් ඒ ප්ලෑන් එකේ කොටසක්. පොලිසිය අකර්මන්‍ය කළෙත් ප්ලෑන්  එකේ කොටසක් අනුවයි. යනුවෙන් ද විමල් වීරවංශ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!