spot_img
spot_imgspot_img

හම්බන්තොටින් ආ රාජපක්ෂ, නියෝජ්‍ය කතානායක වෙයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්ද 31කින් තේරී පත්වූයේය.

අජිත් රාජපක්ෂට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 109කි. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්නට ඡන්ද 78ක් ලැබුණු අතර ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවව 23කි.

අජිත් රාජපක්ෂ 2014-2015 කාලයේ දී අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයාය. 1997- 1999 දක්වා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. 1999-2004 දක්වා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ‍ඔහු 2004-2019 දක්වා දකුණු පළාත් සභා මන්ත්‍රී මෙන් ම මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ලෙස ද කටයුතු කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!