spot_img
spot_imgspot_img

නියෝජ්‍ය කතානායක තේරීමට අදත් ඡන්ද විමසීමක්

පුවත්

විදෙස්

නියෝජ්‍ය කතානායක තනතුර සඳහා අද (17) පාර්ල‍ිමේන්තුවේ දී නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් නැවත ඒ සඳහා ඡන්ද විමසීමක් ආරම්භ කර ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් රෝහිණී කවිරත්නගේ නම යෝජනා කරන ලද අතර ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළේය

ජී.එල්.පීරිස් නියෝජ්‍ය කතානායක ධූරයට අජිත් රාජපක්ෂ සුදුසුයැයි යෝජනා කළෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව ඇත.

මෙ‍හි දී බොහෝ මන්ත්‍රීවරු ඡන්ද විමසීමකට යාම ජනතා මුදල් නාස්තිකිරීමක් යැයි  ද රටේ බහුතරයක් මන්ත්‍රීවරු 225ම එපා යැයි කියද්දී මෙවැනි ඡන්දයක් සඳහා ජනතා මුදල් නාස්ති කිරීමෙන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන බවත් පෙන්වා දුන්හ.

කතානායකවරයා ද එම අවස්ථාව් කියා සිටියේ ඡන්දයකට නොගොස් එක් අයකු ඉල්ලා අස්වන්නේ නම් අනෙක් පුද්ගලයා පත්කළ හැකි බවයි. නමුත් එයට එකඟ නොවූයෙන් දැන් ඡන්දය පැවැත්වෙයි.

පාර්ලිමේන්තුව රැස්වන එක් දිනයක විදයම රුපියල් මිලියන 10ක් පමණ වන අතර ජනතාව චෝදනා කරන්නේ රටේ ප්‍රශ්න විසඳීම පසෙක තිබිය දී බලය තහවුරු කරගැනීම සඳහා කාලය නාස්ති කරන බවයි.

පසුගිය මැයි 05 වැනි දා නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයෙන් යෝජනා කළ ඉමිතියාස් බාකීර් මාකර්ට ලැබුණේ ඡන්ද 65ක් පමණි. රංජිත් සියඹලාපිටියට ඡන්ද 148ක් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!