spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර බැංකු නියෝජිතයෝ අගමැති හමුවෙති

පුවත්

විදෙස්

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) සාකච්ඡා පැවැත්වීය.

එම සාකච්ඡාවලින් පසු අගමැතිවරයා කියා සිටියේ ඖෂධ, ආහාර සහ පොහොර ලබාගැනීමේ ගැටලුවට සහය දැක්වීම පිළිබඳ එම සාකච්ඡාවල දී අවධානනය යොමු වූ බවයි.

මෙම සංවිධාන සමඟ කරන ලද සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන රටවල් සහ ආයතන ඒකරාශී කර ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීම ගැන ද අවධානය යොමු වූ බව අගමැතිවරයා කීවේය. මේ වනවිට ශ්‍රී ලංකාවේ බැංකුවල ඩොලර් නොමැති බැවින් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයන බව ද අගමැතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!