spot_img
spot_imgspot_img

මන්ත්‍රී ඝාතනය කළැයි සැකපිට සිව්දෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩි දුර පරීක්ෂණ සඳහා භාරදීමට නියමිතව ඇත.

නිට්ටඹුව පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අමරකීර්ති අතුකෝරළ තම අත තිබූ තුවක්කුවෙන් ආරක්ෂකයාට වෙඩි තබා තමන් ද සියදිවි නසාගත් බව එම සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයන් විසින් ප්‍රචාරය කර තිබිණි. පසුව වතුපිටිවල රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ මන්ත්‍රීවරයාගේ සිරුරේ වෙඩි තැබීමකින් සිදුවූ තුවාල දක්නට නොවූ බවයි.

ඔහුගේ මරණය පහරදීමෙන් සිදුවූ බහුවිධ තුවාල, අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර රුධිර වහනයන් හේතුවෙන් සිදුව ඇති බව අනාවරණය විය. ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය වෙඩි තැබීමකින් සිදුවී ඇති බවත්, ඔහුට ද දැඩිලෙස පහරදීම හේතුවෙන් මොළය අභ්‍යන්තරයේ රුධිර වහනයක් තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!