spot_img
spot_imgspot_img

rata.lk විද්‍යාත්මක විග්‍රහය නිවැරදියි. ගංඟා පිටාරගලයි

පුවත්

විදෙස්

ඉදිරි දින කිහිපයේ දී මෙරට නිරිතදිග කොටසේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ඊයේ (13) rata.lk කරන ලද විද්‍යාත්මක පැහැදිලි කිරීම මේ වනවිට සත්‍යයක් බවට පත්ව තිබේ. ගිං ගඟ, නිල්වලා ගඟ සහ කළු ගඟ මේ වනවිට පිටාර මට්ටමට ළඟා වෙමින් පවතින අතර එම ගංඟාවල සවිකර ඇති ජල මාපක 11 කින් 09ක ම ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටම ඉක්මවා ගොස් තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ ද ඉදිරි පැය 24ක කාලයේ දී තවදුරටත් මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් නිරිතදිග ප්‍රදේශවලට ලැබෙන බවයි.

දින කිහිපයක් ඇති වූ මහ වැසි හේතුවෙන් පොළොව ජලයෙන් සංතෘප්තවී තිබීම, ගංඟා පිටාර මට්ටමට ළං වී තිබීම, පහත් බිම් ජලයෙන් යට වී තිබීම යන කරුණු හේතුවෙන් එවැනි වර්ෂාපතනයක් ඉක්මණින් ඇතිවන මහා ගංවතුර තත්වයකට හේතු විය හැකිය.

මේ වනවට නිල්වලා ගඟේ තල්ගහගොඩ ජල මාපකයේ ජල මට්ටම දැක්වෙන්නේ මීටර 1.73ක් වශයෙනි. එහි සුළු ගංවතුර මට්ටම මීටර 1.7ක් වන බැවින් දැනටමත් සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබේ. පානදුගම ජල මාපකයේ සුළු ගංවතුර මට්ටම මීටර 06ක් ලෙස දැක්වෙන අතර දැනටමත් එම මට්ටම ඉක්මවාගොස් මීටර 6.3 උසැති ජල මට්ටමක් සටහන් වී ඇත. ඒ අනුව නිල්වලා ගඟ දැනටමත් සුළු ගංවතුර තත්වයකට පත්ව තිබේ.

කළුගඟ ඇල්ලගාව ජල මාපකයේ සුළු ගංවතුර මට්ටම මීටර 10කි. අද රාත්‍රී 9.00ට ලබාගත් දත්ත අනුව එම ජල මාපකයේ මට්ටම මීටර 10.31ක් දක්වා ඉහළ ගොස් තිබේ. රත්නපුර ජල මාපකයේ සුළු ගංවතුර මට්ටම දක්වා ඇත්තේ 7.5ක් ලෙසිනි එම මාපකයේ ජල මට්ටම මේ වනවිට මීටර 8.5ක් දක්වා ඉහළ ගොස් ඇත. මිල්ලකන්ද ජල මාපකයේ සුළු ගංවතුර මට්ටම මීටර 6.5ක් වන අතර දැනටමත් එහි ජල මට්ටම මීටර 7.94ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ජල මාපකවල අගයන් අද (14) රාත්‍රී 9.00ට ලබාගෙන ඇති අතර එම ස්ථානයන්හි නිරීක්ෂණ අනුව ජල මට්ටම ඉතාමත් වේගයෙන් වැඩිවෙමින් පවතින බව ද වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපයේ දී ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ගංඟා නිම්නවල ගංවතුර තත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇත.

(ඡායාරූපය – මාතර හොට් නිවුස්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!