spot_img
spot_imgspot_img

වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කී මන්ත්‍රීට වෙඩි වැදිලා නෑ. පහර දී ඝාතනය කරලා

පුවත්

විදෙස්

තම අතැති තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ සිරුරේ වෙඩි වැදුණු තුවාලයක් නොතිබූ බවත් ඔහු පහර දී ඝාතනය කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

නිට්ටඹුවේ දී ඔහු මෙලෙස ඝාතනය වී ඇති අතර එදින එම ස්ථානයේ සිටි පුද්ගලයන් විසින් ප්‍රචාරය කරන ලද්දේ මන්ත්‍රීවරයා තම අතැති තුවක්කුවෙන් වෙඩි තබාගෙන මියගිය බවයි.

මහජනතාව ඔහුට පහරදෙන විට ඔහු තම ආරක්ෂකයන් ද සමඟ දිවගොස් වෙළෙඳ සැළක සැඟවී ඇති බව ද අනාවරණය විය. මන්ත්‍රීවරයා එලෙස සියදිවි නසාගත්තේ මහජනතාව ඔහු සැඟව සිටි ගොඩනැගිල්ල වටලා සිටීම නිසා බව ද ප්‍රකාශය විය. එම සිද්ධිය සියදිවි නසා ගැනීමක් යැයි සැකයක් පවතින බව rata.lk  අපි ප්‍රචාරය කළෙමු.

මෙම මන්ත්‍රීවරයාගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේ දැක්වෙන්නේ මියගිය මන්ත්‍රීවරයාට පහරදීම හේතුවෙන් ඔහුගේ සිරුරේ බරපතල තුවාල රැසක් තිබෙන බවයි. එමෙන් ම කිසියම් පිරිසක් විසින් මන්ත්‍රීවරයා කකුල්වලින් කකුල්වලින් අල්ලාගෙන පඩිපෙළකින් පහළට ඇදගෙන එන දර්ශනයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ සිරුරේ බහුවිධ තුවාල, අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර රුධිර වහනයන් තිබෙන බවයි. මේ හේතුවෙන් ඔහු මිය‍ගොස් ඇති බවත් වෙඩි වැදීමෙන් සිදු වූ තුවාලයක් දක්නට නැති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයා සමඟ සිටි ආරක්ෂකයා ද එහි දී මියගොස් සිටි අතර අවට සිටි පුද්ගලයන් ප්‍රකාශ කළේ එම ආරක්ෂකයාට මන්ත්‍රීවරයා විසින් වෙඩි තබා මන්ත්‍රීවරයා ද වෙඩි තබාගත් බවයි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවේ දැක්වෙන්නේ එම ආරක්ෂක නිලධාරියාද දරුණු ලෙස පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බවයි. ඔහුගේ මොළයේ ලේ ගැලීමක් සිදුව ඇති බවත් වෙඩි වැදීමකින් ඔහු මියගොස් ඇති අතර වෙඩි උණ්ඩයක් සිරුරේ තිබී හමු වූ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේ දැක්වෙයි.

මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂකයා යන දෙදෙනාම පිරිසක් විසින් ඝාතනය කර ඇති බව තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!